brand logo

අගමැතිකමට ඉල්ලන්න කරුට රනිල්ගෙන් යෝජනා

03 March 2020

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකත්වයට කථානායක කරු ජයසූරිය නම් කිරීමට එම පක්ෂය සූදානම් වෙයි. ඒ සඳහා කථානායක කරු ජයසූරිය එකඟ කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ රවි කරුණානායක කථානායකවරයා සමග පැය දෙකකට ආසන්න කාලයක් ඊයේ (2 වැනිදා) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කර ඇත්තේ පක්ෂය එකමුතු කර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි. මෙම සාකච්ඡාව සාර්ථකව අවසන් වූ අතර එහි තීරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට මන්ත්‍රීවරුන් දෙදෙනා පියවර ගෙන ඇත. සමගි බලවේගයෙ සමාරම්භක උත්සවයට සහභාගි වූ ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ද එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඊයේ (2 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත්තේ මහ මැතිවරණයට සියලුදෙනා එකමුතුව කටයුතු කළ යුතු බවයි. නව සලකුණු වතුකරයේ ජනතාවට හඳුන්වාදීමට නොහැකි බවත්, වතුකරයේ ජනතාවට ‘අලියා’ ලකුණ හුරුපුරුදු බවත් වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.   •උදයජීව ඒකනායක/ නයන තරංග ගමගේ
 

More News..