brand logo

අඛණ්ඩව 15 වැනි වරටත් ‘අබ්දුල් ජබාර්’ රග්බි කුසලානය ඉසිපතනයට

18 February 2020

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති ‘50 වැනි අබ්දුල් ජබාර්’ අනුස්මරණ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 24-06ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට ඉසිපතනය විද්‍යාලය සමත්වූයේය. තරගය පළමු අර්ධයේදීම ලකුණු 17-06ක් ලෙසින් ඉසිපතන කණ්ඩායම පෙරමුණ ගත් අතර තරගයේ දෙවන අර්ධයද ඉසිපතනය ඉදිරියෙන් සිටියේය. තර්ස්ටන් විද්‍යාලයට දෙවන අර්ධයේදී එකදු ලකුණක් හෝ වාර්තා කිරීමට ඉසිපතන ක්‍රීඩකයන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. 1967 වසරේදී තර්ස්ටන් විදුහලේ විදුහල්පතිව සිටි පී. එම්. ජයතිලක හා ඉසිපතන විදුහලේ විදුහල්පතිව සිටි කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වාර්ෂික රග්බි තරගය මහා රග්බි තරගයක් බවට පත්කොට ජයග්‍රාහකයන්ට “අබ්දුල් ජබ්බාර්” පලිහ ප්‍රදානය කිරීමට යෙදිණි.
 

More News..