brand logo

අකුරැස්සේ වෙඩි හුවමාරුවකින් සැකකරුවකු මියයයි

02 June 2019

අකුරැස්ස, ඌරුබොක්ක ප්‍රදේශයේදී අද (02) අලුයම පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය මස 22 වැනි දා අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇති බවයි. රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙහිදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් ඇති බවයි. මියගිය සැකකරු 56 හැවිරිදි පුද්ගලයෙකි.
 

More News..