brand logo

අකුරැස්සේ මත්පැන් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු මරුට - ඝාතකයා පළායයි

23 May 2019

අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී වැටලීමක් අතර තුර පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 15 ක් පමණ යොදවා තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඊයේ (22) සවස 5 ට පමණ මෙය සිදුව තිබේ. මියගිය නිලධාරියා වයස අවුරුදු 30 ක් වු කොළඹගේවත්ත, දිද්දෙණිය, කනංකේ ලිපිනයේ පදිංචිකරුවෙක් වන අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කල‍හගේ ලොකුගේ කසුන් සම්පත් නැමති පොලිස් කොස්තාපල් (77290) වරයෙකි. මෙම වෙඩි තැබීම සිදු කල පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි ලොකුගේ ධර්මසිරි නැමැත්තෙක් බව පොලීසිය හඳුනාගෙන තිබේ.
 

More News..