brand logo

අකුණු පහරක් වැදී වතු සේවකයන් 17ක් රෝහලේ

23 May 2021

අකුණුසැර වැදීම හේතුවෙන් හැටන්, කොටගල ප්‍රදේශයේ දී වතු සේවකයින් 17දෙනෙකු රෝහල්ගත කර තිබේ. වතු සේවකයන් කොටගල ඩ්‍රේටන් තේ වත්තේ වැඩ කරමින් සිටිය දී අද (23) උදැසන 10.30ට පමණ එම වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර වැදී ඇත. සේවකයන්ට අකුණු සැර වැදීමෙන් පිළිස්සුම් තුවාල සිදුව තිබෙන අතර කම්පනයට ද පත්ව ඇත. තුවාල ලැබූ සේවකයන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය සඳහන් කරයි. අකුණු පහර වැදීමත් සමග අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිම සඳහා දිවගොස් ඇති අතර ඒ අවස්ථාවේ වතු සේවකයින් පිරිස තුවාල ලබා ඇත.
 

More News..