brand logo

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

16 April 2021

මුලතිව් තන්නිමුරිප්පු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගොවියන් තිදෙනෙකු කුඹුරක වැඩ කරමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මේ අතර මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේදී ද අකුණු සැර වැදීමෙන් 32 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ. අකුණු අනතුරු හේතුවෙන් මේ වසර දී පුද්ගල මරණ 8ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 

More News..