brand logo

අකිල ධනංජය වෙනුවට අමිල අපොන්සු සංචිතයට

27 October 2018

එංගලන්තය සමඟ අද (27) පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අහිමි වී තිබේ. ඒ ඔහුගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්ව. අද තරගය සඳහා පුහුණුවීම් අතරතුර අකිල ධනංජය ආබාධයකට ලක් වීම හේතුවෙන් අද තරගය සඳහා ඔහු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ වෙනුවට අමිල අපොන්සු සංචිතයට කැදවීමට තීරණය කර ඇත. මේ අතර අද තරගය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල ජනිත් පෙරේරාට ද අහිමි වී තිබෙන අතර අවසන් තරගයේදී දක්ෂතා දැක්වු සදීර සමරවික්‍රම සංචිතයට කැදවා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
 

More News..