brand logo

අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධීයි - පන්දු යැවීම නවත් වන ලෙසට ICCය කියයි

10 December 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අකිල ධනංජයට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය සදහන් කර ඇත්තේ. එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තරග තීරකවරුන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබෙනවා. ඒ අනුව අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබදව පරීක්ෂණයක් සිදුකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා. ඔස්ට්‍රේලියාවේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට අකිල ධනංජය සහභාගි වූ අතර, එම පරීක්ෂණයට අනුව අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සනාථ වී තිබෙනවා.
 

More News..