brand logo

අකිල ඔස්ට්‍රේලියාවට - නිශාන් කණ්ඩායමට

20 November 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායෙම් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීම සදහා අකිල ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවයි. ඒ අනුව ලබන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණයට අකිල ධනංජය සහභාගි වීමට නියමිතයි. මේ හේතුවෙන් එංගලන්තය සමග පැවැත්වීමට තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. අකිල ධනංජයගෙන් හිස්වන ස්ථානයට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.
 

More News..