brand logo

අකිල ඉන්දියාවට

01 February 2019

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය අද (01) සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. අද උදෑසන 7.30ට පමණ අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණය ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පරීක්ෂණය සඳහා අකිල සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා ද ඉන්දියාව බලා ගමන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. පරීක්ෂණයෙන් පසු අකිල නැවත හෙට (02) මෙරටට පැමිණීමට නියමිතයි.
 

More News..