brand logo

අකිල ඉන්දියාවට

28 August 2019

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද (28) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එල්ල වූ චෝදනාව වෙනුවෙන් පරීක්ෂණයකට සහභාගිවීම සදහාය. අද ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යන අකිල ධනංජය හෙට දිනයේදී නැවත දිවයිනට පැමිණීමට නියමිතයි. පසුගියදා ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැති ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අකිල ධනංජයගේ සහ කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව එම තරගයේ විනිසුරුවන් වාර්තා කළේය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩකයින් දෙදෙනා දින 14ක කාලයක් තුළ පරීක්ෂණයකට යොමු කළ යුතු බවට නිවේදනයක් නිකුත් කළේය. අකිල ධනංජය මීට පෙර ද 2018 වසරේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ලවීම හේතුවෙන් තරග තහනමකට ලක්වූ ක්‍රීඩකයෙකි.
 

More News..