brand logo

අකිලට වසරක තරග තහනමක්

20 September 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් පනවා තිබේ. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට පරීක්ෂණ මගින් දෙවරක් තහවුරු වීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවා ඇත. ඒ අනුව පසුගිය අගෝස්තු මස 29 වනදා සිට 2020 වසරේ අගෝස්තු මස 29 වනදා දක්වා මෙම තරග තහනම බල පැවැත්වෙනු ඇත.
 

More News..