brand logo

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ICC කියූදේ

08 January 2021

ශ්‍රී ලංකාවේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඒ අනුව අකිල ධනංජයට ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවිය හැකි බව එම කවුන්සිලය සදහන් කරයි. පසුගිය 22නදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අකිලගේ පන්දු යැවීමේ නව ඉරියව් ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත භාර දී තිබේ. එම දර්ශන නැරඹීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 සීමාව තුළ පවතින බව තීරණය කර ඇත.
 

More News..