brand logo

අක්‍රමවත්ව දෙන්නයන සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක තොරතුරු හෙළිකරයි

02 December 2020

අක්‍රමවත්ව ලබාදීමට යන සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක තොරතුරු හෙළිකර තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ බව අද (02) පාර්ලිමේන්තුවේ දී හෙලිකර තිබේ. එම චෝදනාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය අජිත් නිවාල් කබ්රාල් මහතා සඳහන් කර තිබේ. එසේම රටේ සුරාව නිෂ්පාදනය සඳහා බලපත්‍ර 27ක් තිබුනත් මේ වන විට ඉන් දෙකක් අවලංගු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කර තිබේ. එසේම පස්දෙනෙක් ගෙන් සුරව සම්බන්ධ බදු ආදායමෙන් සියයට 93ත් 95ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් සඳහන් කර තිබේ. එසේම ඉතිරි 20 දෙනාම ලබාදෙන්නේ සියයට 5ක බදු ආදායමක් බවද ඔහු සඳහන් කර ඇත. මේ නිසා යම් වංචාවක් වනවාද යන්න සොයා බැලිය යුතු බවත් එසේම සුවිශේෂි බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් වී ඇති බවත් එම බලපත්‍රය සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිබාහිර බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සඳහන් කරනවා . තවද සාමාන්‍ය ක්‍රමවේදය වන මහජන තාවගේ අදහස් විමසීමකින් තොරව ලබන සිකුරාදා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දීමට කටයුතු කරන බවට තොරතුරු තිබෙන බවද සඳහන් කර තිබේ. මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙලෙස අදහස් පළකර ඇත. "පස්දෙනෙක් තමයි සුරාව සම්බන්ධ බදු ආදායමෙන් සියයට 93-95ත් අතර ප්‍රමාණයකට වග කියන්නේ.  ඉතුරු 20 දෙනාම ලබා දෙන්නේ සියයට 5ක බදුවලට දායකත්වයක් විතරයි. ඒ නිසා එකේ යම් බදු වංචාවක් තිබෙනවා ද යන්න අංක එක. අංක දෙක සුවිශේෂි බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයට බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා. මහජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහජනතාවගේ අදහස් ගන්නවා. මේ මොකුත් නැතිව ලබන සිකුරාදා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනවා කිසිම සොයාබැලීමකින් තොරව. එකේ තියෙන නරක තත්ත්වය. දේශීය වයින් වර්ගයක් ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරන්න හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලීටරයක රුපියල් 3200 වුණොත් මෙහෙම කළාම ඒකට එන්නේ රුපියල් 900ක විතර බද්දක්. ලීටරයක ලැබිය යුතු බද්දෙන් තුනෙන් එකයි ලැබෙන්නේ. ඒ පිළිබඳව ඔබ තුමාට හොයා බලා පරීක්ෂණයක් කළ හැකි ද?"
 

More News..