brand logo

අක්‌ෂි රෝහලේ 6කට කොවිඩ්

20 January 2021

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ සේවකයින් 06දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. හෙදියන් දෙදෙනකුට, සුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට,ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියකුට සහ මුළුතැන්ගෙයි ආහාර පිසින අයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත. මේ අතරින් එක් හෙදියක රෝහලේ ප‍්‍රධානි ශල්‍යාගාරයේ රාජකාරි කරන අයකු වන අතර අවසන් වරට ශල්‍යාගාරයේ රාජකාරි කරනු ලැබූ හෙදියට කොරෝනා වෛරසය වැලදී ඇති බව පෙරේදා අනාවරණය වී ඇත. මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනකු පමණ ආසාදිත අයගේ ආශි‍්‍රතයන් ලෙස නිරෝධායනයට ලක් කර සිටින බවද වාර්තා වේ.
 

More News..