brand logo

අක්ෂි රෝහලේ සායනික ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව

08 June 2021

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව රෝගීන්ට තමන්ගේ සායනික ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකි වේ. ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේ ඒ සදහා එක් එක් විශේෂඥ වෛද්‍යවරුන්ට දුරකථන අංක ලබාදී ඇති බවයි. ඒ අනුව සායනික ඖෂධ ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන රෝගීන් තමාට අයත් විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති සායන කාමරයේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදිය යුතු වේ.
 

More News..