brand logo

අංගොඩ ලොක්කාගේ සමීපතයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

02 February 2020

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ ඊයේ (01) පස්වරුවේ මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 600ක් සමග මොවුන් අත්අඩගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයෙකු වන සොල්ටා නමැත්තාගේ ගොලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..