brand logo

අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෙළිවෙයි

17 September 2020

ශ්‍රී ලංකාවෙන් පලාගොස් වෙනත් නමකින් ඉන්දියාවේ වාසය කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ගේ මරණය විෂ ශරීර ගතවීමක් හෝ සැකකටයුතු හේතුවක් මත සිදුවුවක් නොවන බවට අනාවරණය වී තිබේ. එම මරණය හෘදයා බාධයක් හේතුවෙන් සිදුවුවක් බවට සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත. පසුගිය ජුනි මස 03 වනදා කොයිම්බර්තූර්හි රෝහලක දී මියගිය බවට වාර්තා වු අංගොඩ ලොක්කාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් බවට විවිධ වාර්තා පලවී තිබූ අතර සිදුකළ පරික්ෂණවල දී එම මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවට නියමනය කළ හැකි බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත. කොයිම්බතූර් හි චෙරන් මා නගර් අසල බාලාජි නගර් හි කුලී නිවසක අංගොඩ ලොක්කා සමඟ ජීවත් වූ අමානි තන්ජි නම් ශ්‍රී ලාංකික කාන්තාවගේ මූලික ප්‍රකාශයට අනුව ජූලි 3 වන දින රාත්‍රියේ ඔහුට පපුවේ වේදනාවක් ඇති වී ඇති බවට සඳහන් කර ඇත. මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් “ප්‍රදීප් සිං“ යන නමින් වසර දෙකක පමණ කාලයක් පෙනී සිට ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේවෙතත් “අංගොඩ ලොක්කා“ ඉන්දියාවේ දී මියගොස් ඇති බවට මෙරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් සනාථ කර නැහැ.
 

More News..