brand logo

අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සුද්දා හෙරොයින් සමග අත්අඩංගුවට

24 September 2019

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ කණ්ඩායමේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අකුරණ අප්පුහාමිලාගේ සමීර ඉන්ද්‍රජිත් නොහොත් සුද්දා නමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුර අණදෙන නිලධාරි සහ ස්ථානාධිපති සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කකය ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ඩයිසැටයිල් මෝෆීන් හෙවත් හෙරොයින් ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 600ක් හා විද්‍යූත් තරාදියත් තිබූ බවද පොලීසිය පැවසුවේය. ඉන් අනතුරුව ඔහුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරු අනුව මුල්ලේරියාවේ පිහිටි සැකකරුගේ නිවසේ නිදන කාමරයේ අල්මාරියක තිබී කැනබීස් සැටයිවා එල් නොහොත් කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 750ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. මොහු අංගොඩ ලොක්කා නමැත්තා සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වාගනිමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සිදුකරන බවත්, ඔහුගේ අපරාධ ක්‍රියාකාරකම් වලට සෘජුව සම්බන්ධතාවයක් ඇති පුද්ගලයෙකු බවට අනාවරණය වූ බවද පොලීසිය ප්‍රකාශ කළේය. මෙම පුද්ගලයා 2004 වර්ෂයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක චූදිතයෙකු බවටත් අනාවරණය වූ අතර, අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩ හා සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
 

More News..