brand logo

අංගොඩ ලොක්කගේ උකුස්සා මාට්ටු

30 July 2020

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේදී එම උකුස්සා සොයාගත් බවයි. නාවලමුල්ල ඌරු කොටුවක කූඩුවක රදවා සිටියදී පුද්ගලයන් දෙදෙනෙක් සමග එම උකුස්සා අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. එම ඌරුකොටුවේ සගවා තිබූ වායු රයිෆලයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම උකුස්සා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණු කළ බවට සැක සහිත බව අතුරුගිරිය පොලීසිය පැවසීය.
 

More News..