brand logo

අංගොඩ මානසික රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනකුට කොවිඩ්

05 January 2021

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු එම තිදෙනා අයිඩීඑච් රෝහලට ඇතුළත් කොට සිටිති. මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන වෙත පැමිණෙන පිරිස් පීසීආර් පරීක්ෂණවලට භාජනය කිරීමේදී ඒ අතුරින් ආසාදිතයන් කිහිප දෙනකු හමු වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. එම පිරිසද ඇතුළුව විවිධ පෙදෙස්වලින් මානසික රෝහල වෙත යොමුකරන ලද මානසික රෝගී කොරෝනා ආසාදිතයන් 8 දෙනකු රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. සිරිසේන ගමගේ - කොළොන්නාව
 

More News..