brand logo

අංක එකේ සිටි ඇන්ඩි මරේ 64 දෙනාගේ වටයට පමණයි

30 August 2018

ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටය හෙවත් අවසන් තරගකරුවන් 64 දෙනාගේ වටයෙන් හිටපු අංක එකේ ටෙනිස් ක‍්‍රීඩක ඇන්ඩි මරේ ඉවතට විසිව තිබේ. 34 හැවිරිදි ස්පාඤ්ඤ ක‍්‍රීඩක ෆර්නෑන්ඩෝ වර්ඩාස්කෝ හමුවේ තරග වට 3-1 (7-5, 2-6, 6-4, 6-4) කින් පරාජය වීමෙන් මෙලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. 31 හැවිරිදි මරේ සිය තුනටියේ පැවැති ආබාධ තත්ත්වය සුව වීමෙන් පසු ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතාවක් සඳහා සහභාගී වූයේ මාස 14 කට පසුවය.
 

More News..