brand logo

අංකේ මාරු නොකර දුරකතන ජාලය වෙනස් කරන්න අවසර

14 October 2021

ජංගම දුරකතන ග්‍රාහකයින්ට පණිවුඩයක්

සියලුම දුරකතන ග්‍රාහකයින්ට තම දුරකතන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සඳහා නීතිමය අනුමැතිය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයාට තමන්ගේ වත්මන් දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන පහසුකම් සපයන සමාගමක් සමග සම්බන්ධවීමට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය. සියලුම තාක්ෂණික කරුණු සපුරා ගැනීමෙන් පසුව මෙම පහසුකම 2022 වර්ෂයේ මාර්තු මාසය වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බව විදුලි සංදේශන කොමිෂන් සභාව පවසයි.
 

More News..