කොළඹ කණ්ඩායමට ජය
04 April 2019
කොළඹ කණ්ඩායමට ජය
04 April 2019
සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 82 කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත්ව තිබේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පන්දුවට පහරදුන් අතර, ඔවුන් පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 238ක් රැස්කර ගත්තේය.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54ක් ලබාගත් අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වේ.
නායක චන්දිමාල් ලකුණු 42ක් ලබාගත්තේය.
පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙකක් දවාගත් අතර, ධනුෂ්ක ගුණතිලක සහ ලක්ෂාන් සදකැන් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
ඉන් අනතුරුව පිටියට පැමිණි දඹුල්ල කණ්ඩායම පන්දුවාර 36.3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 156ක් පමණීයි.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38ක් ලබාගත්තේය.
ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.
පන්දු යැවීමේ කොළඹ කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු 3ක් දවාගැනීමට සමත් විය.

