brand logo
logo

ෆේස්බුක් සාදයකදී මත්‍ද්‍රව්‍ය භාවිත කළ තරුණ තරුණියන් 11ක් අත්අඩංගුවට

07 April 2019

තංගල්ල, මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයකදී මත්‍ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණ තරුණියන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය යන පොලිස් නිලධාරීන් එක් ව මෙම වැටලීම සිදු කර ඇති අතර එහි තිබි වියලි කංසා මිලිග්‍රෑම් 10800 ක් බියර් ටින් 81 ක් සහ මත්පැන් බෝතල් 10 ක් සමග අනාචාරයේ හැසිරුණු තරුණයින් හා තරුණියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස කැකිරාව, හිඟුරක්ගොඩ, රාගම, තංගල්ල, මාතර, කඩුවෙල, පරකඩුව, කඩවත, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

More News..