brand logo

ෆේස්බුක් යන්නම ගිය දවස

09 October 2021

ෆේස්බුක් සහ පුද්ගල ජීවිතය

ගිය දෙතුන් මහේ දරුවෝ දෙතුන් දෙනෙකු දිවිය අතහැර ගියෝය. ඔවුන්ගේ දිවිනසා ගැනීමේ ක්‍රමය වෙනස් වුවද පසුබිමේ තිබුණේ එකම කතාවකි. ඒ පාසලේ වැඩ අතපසු කරමින් සමාජ මාධ්‍යජාලාවල සැරිසැරුවැයි දෙමාපියන් කළ තරවටුව ගැන කලකිරීය. එසේ නැතිනම් ඒ ගැන කෝපවෙමිනි. ඒ අතරේ ගාල්ලේ මහමෝදර විමුක්ති ගිම්හාන් සිසුවාද ගිය සතියේ මියගියේය. ඒ ඔහු පාඩම් නොකළැයි චෝදනා නගමින් පියා විසින් දුරදිග නොසිතා එල්ල කළ කොසු පහරක් හිසේ වැදීය. මේ කතා හතර වටින් ඇසෙද්දී ෆේස්බුක් සමාගමේ හිටපු කළමනාකාරිණියක ඇමෙරිකානු සෙනට් මණ්ඩලය ඉදිරියේ දුන් සාක්ෂියක් දැන් මුළු ලොවම කළඹවමින් සිටී. ඇය කියන්නේ ෆේස් බුක් ළමා මනසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් දැඩි හානියක් බවය. මේ ඒ ගැන ලිපියකි. "මාර වැඩේ තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි." "ඒ මොකද?" "මං නං හිතුවෙ ෆේස්බුක් යන්නම ගියා කියලයි. එහෙම වුණා නම් ඉතින්..." පසුගිය සතිය හමාර තුළ බොහෝ දෙනාගේ කතාබහට කාරණාවක් වූයේ ෆේස්බුක් තාවකාලිකව බිඳවැටීමය. ඇතැමෙකු පළ කළ අදහස් අනුව පෙනීගියේ ෆේස්බුක් ඒ තරමටම පෞද්ගලික ජීවිතය හා බැඳී ඇති බවය. එය මිනිසාගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඇතැමකු එසේ මත පළ කරද්දී ෆේස්බුක් හා බද්ධව කාලයක් සේවය කළ ෆ්‍රන්සෙස් හෝගන් කළ ප්‍රකාශයකින් දැන් ලෝකයම කැළඹී තිබේ. Facebook Updates Account Quality In the Midst of It's Own Failures ෆේස්බුක්හි නිෂ්පාදන කළමනාකාරිනියක ලෙස කටයුතු කළ 37 හැවිරිදි හෝගන් පවසා ඇත්තේ ආයතනයේ ඇතැම් අඩවි හා යෙදවුම් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවත් සමාජයේ බෙදීම් ඇති කරන්නට මග පාදන බවත්ය. ඇය මේ බව පවසා ඇත්තේ ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ පැවති කරුණු දැක්වීමකදීය. එහෙත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඒ චෝදනා අතාර්කික බව පවසමින් ඉවත හෙළන්නේ සමාජයට අහිතකර වන දේ පාලනය තම සමාගම දරන වැර වීරිය ගැන ඉස්මතු කර දක්වමිනි.

"පුද්ගලයන් ගේ යහපත ආරක්ෂාව හා මානසික සෞඛ්‍යය වැනි කාරණා පිළිබඳව අප බොහොම ගැඹුරින් අවධානය යොමු කරනවා. ඒත් අපේ ඒ කාර්යයන් සහ අභිප්‍රායන් පිළිබඳව වැරදි අර්ථකථන ගොඩනැගීම හැම විටම අප අපහසුතාවකට පත් කරනවා" සකර්බර්ග් සිය පුද්ගලික ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණි.

Mark Zuckerberg just unveiled Facebook's new mission statement - The Verge ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් බිලියන 2.7 ක ක්‍රියාකාරී පරිශීලකයන් සංඛ්‍යාවකගෙන් සමන්විතය. මීට අමතරව මිලියන සිය ගණනක පුද්ගලයන් ඊට අනුබද්ධ නිෂ්පාදන වන වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාලවල සේවය ලබාගනු දකින්නට පුළුවන. එහෙත් මේ සියල්ලට එරෙහිව දැන් නැගී ඇති චෝදනාව නම් පරිශීලකයන්ගේ රහස්‍යභාවය රැක ගැනීමට මෙන්ම අසත්‍ය තොරතුරු පැතිරයාම වැළැක්වීමට නිසි පියවර නොගන්නා බවටය. මේ අතරින් හෝගන් මෙනවිය විසින් ඉදිරිපත් කර ඇති චෝදනාව ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ගැහැනු ළමුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි ඉන්ස්ටග්‍රෑම් යෙදවුම බලපෑ හැකි බව වෝල් ස්ට්‍රීට් ජර්නලය පර් යේෂණයකින් පෙන්වා දී තිබුණි. මේ පර් යේෂණය සඳහා පදනම් කර ගැනුණේ හෝගන් විසින් ලබා දුන් ෆේස්බුක් සමාගමට අයත් අභ්‍යන්තර ලියුම් කියුම් ගොන්නකි. ඇය පසුගිය අඟහරුවාදා සෙනෙට් මන්ත්‍රි මණ්ඩලය ඉදිරියේ යම් පැහැදිලි කිරීමක් කළේ මේ කාරණාව සම්බන්ධයෙනි.

"ආයතනයේ නායකත්වය දන්නවා facebook සහ instagram වඩා ආරක්ෂිත ලෙස හැසිරවිය යුත්තේ කෙසේද කියා. එහෙත් ඒ සඳහා ඔවුන් එබඳු කිසිවක් නොකරන්නේ මිනිස්සුන්ට වඩා ඔවුන්ට ඔවුන්ගේ ආදායම වැදගත් නිසයි."

Most People Still, in 2020, Aren't Aware Facebook Owns Instagram Likes, shares comments පදනම් කර ගනිමින් ගණිත ක්‍රමයකට කරන ශ්‍රේණිගත කිරීම් ගැනද ඇය මෙහිදී පවසා තිබුණි. එය instagram වල පමණක් නොව දැන් ෆේස්බුක් යෙදවුම්වලද දැකගත හැකි තත්ත්වයකි. එය හරහා තමන්ගේ ශ්‍රේණිය ඉහළ නගා ගැනීම සඳහා කවර වැරදි සහගත පෝස්ටුවක් හෝ යොදා ගන්නට පරිශීලකයන් සූදානම් බව ඇය පෙන්වා දෙයි. අවසානයේදී එයින් වෙන්නේ මිනිසුන් තමුන්ගේ පුද්ගලිකත්වය හා යහපත පසෙකලා likes, comments පසුපස දිව යන්නට ඉඩ තිබෙන බවය.

instagram පදනම් කරගෙන කරන ලද එක් අධ්‍යයනයකදී හෙළිදරව් වූයේ එය පරිශීලනය කරන වයස අවුරුදු 13ත් 19ත් අතර ගැහැනු ළමුන්ගෙන් 13.5% ප්‍රමාණයකට සිය දිවි නසා ගැනීමේ හැඟීම් ඇති කළ බවකි. තවත් 17% පැවසූයේ ඔවුන් ආහාර ගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී ඉන්නා බවය.

Eight Questions That Can Help You Survive Election Stress ඇය මාර්ක් සකර්බර්ග්ද විවේචනය කර තිබුණේ කිසිවෙකුගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නට ඔහුට වුවමනාවක් නැති බව පවසමිනි. පසුගිය සතියේ පැය පහ හයකට ආසන්න කාලයක් අන්තර්ජාලයෙන් ෆේස්බුක් ඉවත් වී තිබීම ගැන අදහස් පළ පළකළ ඇය පවසා තිබුණේ ඒ කාලය තුළ ඔවුන් කුමන වෙනස්කමක් කළේ දැයි කියන්නට නොදන්නා බවයි. instagram පිළිබඳ කළ මේ පර්යේෂණය පිළිබඳව මාර්ක් සකර්බර්ග්ද ඔහුගේ අදහස් පළකර තිබුණි. ඔහු එහිදී පවසා තිබුණේ තරුණ පරපුරට ධනාත්මක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙන instagram එහිදී වැරදි අර්ථ කථනයකට ලක්ව තිබෙන බවයි. මේ කාරණයේදී කතාබහට ලක්වුණු තවත් වැදගත් සිදුවීමක් වූයේ බොහෝ කලාතුරකින් දකින්නට ලැබෙන පරිදි රිපබ්ලිකන් හා ඩිමොක්‍රැටික් යන මන්ත්‍රි මණ්ඩල දෙක එක් තීරණයක් හා එකඟ වී සිටීමයි. එනම් මන්ත්‍රි මණ්ඩල දෙකේම අදහස වී තිබෙන්නේ ආයතනයේ යම් වෙනස්කමක් සිදු විය යුතු බවය. මෙහිදී පක්ෂ දෙකෙන්ම සමාජ මාධ්‍ය හා දත්ත පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු අවම කර ගැනීම සඳහා කෙටුම්පත් ඉදිරිපත් වන්නට නියමිත නමුත් ඒවා කොංග්‍රස් මණ්ඩලය හරහා නීතියක් බවට පත් කිරීම වඩා බැරෑරුම් කාරියෙකි. එහෙත් බොහෝ දෙනාගේ අදහස වන්නේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් එකට එක් වූ තැන කරන්නට බැරි දෙයක් නොමැති බවය. "තමන්ගේ මඩිය තරකර ගැනීමටත්, හුදෙක් තමන්ගේ දියුණුව ගැන පමණක් කල්පනා කිරීමත් ෆේස්බුක් ආයතනයේ දැක්ම නම් එය ඉදිරි පරම්පරාවට තදින් දැනෙන බලපෑමක් වේවි. තාක්ෂණික අංශයේ දැවැන්තයන් සමාජ සාරධර්ම වලට දැවැන්ත ලෙස පහර දෙන බවක් දැන් ඔප්පු වී හමාරයි" ඩිමොක්‍රටික් සෙනෙට් නියෝජිත රිචර්ඩ් බ්ලුමෙන්තල් පවසා තිබුණි. ඇගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය වැඩිකල් නොගෙනම ප්‍රතිචාර දක්වා තිබුණි. ඇගේ අදහස් සමග එකඟ වන්නට ඔවුන්ට නොහැකි නමුත් එක්තරා කාරණයකදී ඔවුන් ඇය සමග සිට ගන්නා බවක්ද එහි දක්වා තිබුණි. සමාජ ජාලා ක්‍රියාවලිය සඳහා යම් නිශ්චිත නීති පද්ධතියක අවශ්‍යතාව ගැන ඔවුන්ද අවධානය යොමු කර තිබුණි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාර්ක් සකර්බර්ග් ඉදිරිපත් කර ඇති දිගු විස්තරයේ ෆ්‍රන්සෙස් හෝගන් ගැන සෘජු සඳහනක් නොමැති නමුත් ඒ සා ප්‍රකාශයකට යන්නට හේතු වන්නට ඇත්තේ ඇගේ හෙළිදරව්ව බව පැහැදිලිය. ඔහු ප්‍රධාන වශයෙන්ම තර්ක කර සිටින්නේ ඇය විසින් කරන ලද මේ හෙළිදරව්ව බොහෝ දෙනා අල්ලා ගෙන සිටින්නේ වැරදි කෝණෙන් බවය. එසේත් නැත්නම් එය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවය. පාලිත ජයකොඩි
 

More News..