අතන මෙතන

ළමා සුරැකුම් මධ්‍යස්ථානයක කුඩා ළමුන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්

ළමා සුරැකුම් මධ්‍යස්ථානය භාරයේ සිටි කුඩා ළමුන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පැවසීය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ඔල්ඩි වතු යායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ භාරයේ සිටි ළමුන් තිදෙනාට (03) දින දහවල් 12 ට පමණ තේ වත්තේ ඇවිස්සුණු බඹරුන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ද ඇතුල් වි ළමුන්ට ප්‍රහාරයක් එල්ල කර ඇත.

බඹර ප්‍රහාරය එල්ල වන අවස්තාවේ කුඩා ළමුන් බේරා ගැනිමට ගිය කාන්තාවකට සහ වතු කම්කරුවන් දෙදෙනෙකුටද බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු හය දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අයගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

සිතාර ඉරාෂ් – වටවල