හෝටලේට කොවිඩ් බෝකලාට පෞද්ගලික රෝහලෙන් මුදල් දීලා
24 November 2020
හෝටලේට කොවිඩ් බෝකලාට පෞද්ගලික රෝහලෙන් මුදල් දීලා
24 November 2020
පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ගිය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයකින් කොළඹ තරු හතේ හෝටලයක කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් වැලඳීමේ සිද්ධියකට වන්දි මුදලක් ගෙවා යට ගැසීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.
කොවිඩ් වැලඳුණු හෝටල් සේවකයා පෙරේදා (22 වැනිදා) වන විට වැලිකන්ද රෝහලට යොමු කර තිබේ. දින දාහතරකට වරක් මෙම හෝටල් සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන අතර එම පරීක්ෂාව කර සේවයට පැමිණි අයෙකුටද කොවිඩ් වැලඳී ඇතැයි 21 වැනිදා යළිත් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
හෝටල් කළමනාකාරිත්වය රෝගය වැලඳීමට හේතුව සොයා බැලීමේදී තම සාමාජිකයන්ගේ පී.සී.ආර්. සාම්පල රැගෙන යාමට පැමිණි කණ්ඩායම තවත් ස්ථානයක කොවිඩ් ආසාදිතයන් පරීක්ෂා කර එහි පැමිණ ඇති බව හෙළි වී තිබේ. එමගින් තම කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදනය වූ බව හෝටල් කළමනාකාරීත්වය සොයාගැනීමත් සමග මෙය වන්දි මුදලක් ගෙවා සමථයකට පත්කර ගැනීමට පෞද්ගලික රෝහල් කළමනාකාරිත්වය පියවර ගෙන ඇත.
තිස්ස රවින්ද්‍ර පෙරේරා