අතන මෙතන

හොරෙන් ලී ඇද්ද කැබ් රථයක අනතුරකට ලක්වෙයි – රියදුරු පළායයි

බලපත් නොමැතිව ලී තොගයක් ප්‍රවාහනය කළ කැබ් රථයක් අද(05) අලුයම වවුනියාව ඕමන්ත ප්‍ර දේශයේදී විදුලි කනුවක ගැටී අනතුරට පත්ව ඇති බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ බලපත් නොමැතිව ලී ප්‍රවාහනය කළ කැබ් රථය ඕමන්ත දුම්රිය ස්ථාන මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටී ඇති බවයි.

අනතුරින් විදුලි කනුවක් කැඩී ගොස් ඇති අතර, අනතුරට ලත් කැබ් රථයේ රියදුරු කැබ් රථය දමා පළාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

අනතුර සිදුකළ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය.

වවුනියාව -මාධව කුලසූරිය