හොරෙන් රට පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 6 වනදා සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
මුලතිව්, යාපනය සහ මන්නාරම , වාලච්චේනය, වත්තල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, කාන්තාවන් 4 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් සිටියි.
මෙම නීතිවිරෝධි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව නාවික හමුදාව පවසයි.