අතන මෙතන

හොරණ වෙළඳසැල් 3 ක් ගිලා බසී

හොරණ අඟුරුවාතොට මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම මේ දිනවල සිදුකරන සිදු කරන අතර එම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී හොරණ බෝ ගස අසලම  එකිනෙකට යාබද පිහිටි ව්‍යාපාරික ස්ථාන තුනක් අද දහවල් පොළොවට ගිලා බසිමින් කඩා වැටුණු බව හොරණ නගරාධිපති විතාරමගේ  ගේ සිරිසෝම මහතා පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ හොරණ විධායක ඉංජිනේරු කාර්යාලය අධීක්ෂණය  යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ . එකින් එකට  යාබද පිහිටා තිබූ වසර සියයක් පමණ පැරණි ගොඩනැගිල්ලක පිහිටි සපත්තු සෙරෙප්පු  අලෙවි ය  සිදු කරන ව්‍යාපාරික ස්ථාන තුනක් සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත .

මෙම අලෙවිසැල් ගිලාබසින අවස්ථාවේදී එම වෙළඳ සැල තුළ ව්‍යාපාරිකයින් සහ පාරිභෝගික  කිහිපදෙනෙක් සිට ඇති අතර ගිලාබසිනවාත් සමගම ඔවුන් සියලු දෙනා එම ව්‍යාපාරික ස්ථාන වලින් එලියට පැනීම නිසා සිදුවන්නට ගිය ජීවිත අනතුරක් වැලකී ඇත .

හොරණ  නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට සහනයක් ලෙස  මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සිදු කරන බවත් ඒ අනුව සියලුම ව්‍යාපාරිකයින් හොරණ නගර ශාලාවට කැඳවා මෙම සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන් සම්පූර්ණයෙන් දැනුවත් කළ බවත් ඒ අනුව ඔවුන්ගේ කිසිම කෙනෙක්ගෙ විරුද්ධතාවක් නොමැතිව සැමදෙනාගේම එකඟතාවයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කල බව  නගරාධිපති සිරිසෝම මහතා පැවසීය..කෙසේ වෙතත් සුන්බුන් අතර ඇති ඔවුන්ගේ ව්‍යාපාරික භාණ්ඩ එළියට ගැනීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන්ගේ සහාය ලබා දෙන බවත්  නගරාධිපති වරයා පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ හොරණ විධායක ඉංජිනේරු ඩබ්ලිව් .එච් .චතුරංග මහතා පැවසූයේ මෙම මාර්ගය අදියර තුනක් යටතේ පුළුල් කරන බවත් එහි පළමු කොටස වන බෝගහ අසළ සිට හොරණ රෝහල  දක්වා  කොට සේ සංවර්ධන කටයුතු  කටයුතු ආරම්භ කර ඇති බවත්ය.ඒ යටතේ මාර්ගය කෙළවර කාණු පද්ධතිය සැකසීම සඳහා අදාල නිලධාරීන් කටයුතු කර ඇති බවත් එහිදී යන්ත්‍ර සූත්‍ර භාවිතය  නිසා ඇතිවූ යම් බලපෑමකින් මෙම වසර සියයක් පමණ පැරණි ගොඩනැගිලි  කඩා වැටීමට ලක් වූයේ දැ යි පරීක්ෂණයක් සිදු කරන බවයි.. කෙසේ වෙතත් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව රක්ෂණ සමාගමක් සමඟ රක්ෂණයක් සිදු කර ඇති බැවින් අදාළ රක්ෂණ භාර අරමුදල  මගින් කඩා වැටුණු වෙළෙඳ ව්‍යාපාර නැවත පිළිසකර කිරීම සඳහා අදාල වන්දි මුදල් ඉදිරියේදී කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය

අඟුරුවාතොට මංගල එදිරිසිංහ