Celebrities

හොරණ ත්‍රිරෝද රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

පසුගිය මස 24 වන දින හොරණ ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට අදාලව සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ මීට පෙර වදකාගාරයක් පවත්වාගෙන යමින් මහජනතාවට පීඩාකාරි ලෙස හැසිරුණු කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකි.

ඝතනයට යොදා ගත් ගිණි අවියද පොලිසිය විසින් සොයාගෙන තිඛේ.

සිරගතව සිටින මෙහි පළමුවන සැකකරුගේ පියා විසින් මෙම ගිනි අවිය දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මාර්ගයෙන් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත. මෙහි වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදුකරයි.

 

හේමන්ත ලියනපතිරණ