අතන මෙතන

හෙරොයින් සමග තිදෙනෙකු වැල්ලවායෙන්

වැල්ලවාය පොලිස් වසමට අයත් කොටවෙහෙරගල ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිසිය සමත් වී තිබේ.

නිවසක් තුලදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් හැට බැගින් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අනෙක් සැකකරු අංක තහඩු නොමැති යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් එකසිය අසූවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම සැකකරු දීර්ඝකාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති පුද්ගලයකු බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය වලට දැඩිලෙස ඇබ්බැහි වූවන් බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් වයස අවුරුදු විසිහතර,විසිනවය සහ තිහ යන වයස් වල පසුවන වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැල්ලවාය පොලිසිය පැවසීය.

 

ජයන්ත වීරසේකර