brand logo

හුදකලා කළ මන්නාරම ගම් දෙක යථා තත්ත්වයට

12 October 2020

හුදකලා කිරීමට පියවර ගත් මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන දෙක නැවතත් අද (12) සවස 6 සිට යථා තත්ත්වයට පත් කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ඊයේ (11) අදාළ ගම්මාන හුදකලා කිරීමට පියවර ගත් බවයි. මන්නාරම ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඊයේ (11) එම ගම්මාන 2ක හුදකලා කිරීමට පියවර ගැනුණි.
 

More News..