හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
06 June 2019
හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
06 June 2019
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
මාරවිල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරු ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නම් කර තිබේ.
පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 13 වනදා දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක ප්‍රදර්ශනය කෙරුණු හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයක විනිශ්චකාර වරයෙකුගේ මාරු කිරීමක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව තමා දුටු බවයි.
ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වාදෙන පෙත්සම්කාර නීතීඥවරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.