හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මුලතිව් සංචාරයක
09 January 2019
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මුලතිව් සංචාරයක
09 January 2019
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවිණ.
උතුරු පළාතට බලපෑ ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවගේ කටයුතු සොයා බැලීමට හා යුද්ධයෙන් අවතැන් වූවන්ගේ තත්වය නිරීක්ෂණය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය එක්ව සිටි අතර, ජල ගැලීම්වලට ලක්වූවන්ට සහන සැළසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සකච්ජාවක්ද පැවැත්විණ.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි හිටපු ජනාධිපතිනිය පිළිගනු ලැබුවේ මුලතිව් දිස්ත්‍රික් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය විසිනි.
ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපතිනිය විසින් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම එහිදි සිදුකළහ.
ජල ගැලීම්වලට ලක්වූවන් වෙනුවෙන් හා යුද්ධයෙන් පීඩාවට ලක්වූවන් වෙනුවෙන් අධාර ලබාදීමද හිටපු ජනාධිපතිනියගෙ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
සාකච්ජාවන් වෙනුවෙන් මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වවුනියාව -මාධව කුලසූරිය







