brand logo

හැඳුනුම්පත් අංකය නොසලකා බැහැරට පැමිණි 141ක් අත්අඩංගුවට

18 May 2021

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති නොසලකා හරිමින් කටයුතු කළ 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. ඊයේ (17) හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් ඇත. ජංගම වෙළෙඳුන් සම්බන්ධ පරීක්ෂා කිරීම් සහ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන පරීක්ෂා කිරීම් රැසක් ඊයේ දිනයේ සිදුවූ බවද ඔහු සඳහන් කරයි. එම මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මකයි.
 

More News..