brand logo
logo

හැටන් - මහනුවර බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

24 May 2019

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලු පෞද්ගලික සහ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වන අතර එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසළ මගී ආවරණයක් නොමැති ස්ථානයක් වෙන් කර ඇති බව වර්ජනයේ නිරත බස් සේවකයෝ සඳහන් කරයි.
 

More News..