News

හාලිඇල බදුලු ඔයේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

බදුලු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු අද (30) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ හාලිඇල නුගසෙවනගම පදිංචි ආර්.එම් දිලිනි රත්නායක (15) සහ සුරේකා සංජීවනී (15) යන දෙදෙනායි.

මොවුන් දෙදෙනා සවත් සිසුවියක් සමග හාලිඇල නගරය අසලින් ගලායන බදුලු ඔයට අද පස්වරුවේ ගොස් දිය නාමින් සිටියදී ජලයේ සැඩ පහරකට ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.

දිය නාමින් සිටි සිසුවියන් තිදෙනාම ජලයේ ගසාගෙන ගියත් එක් සිසුවියක් බේරී තිබෙන බව පොලීසිය කියයි. ජලයේ අතුරුදන් වී සිටි සිසුවියන් තිදෙනා ජලයේ ගිලී සිටියදී පැය භාගයකට පසුව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන බදුල්ල මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පෙලීසිය කීය.

හාලිඇල පොලීසිය මේ අනතුර පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.