අතන මෙතන

හදිසි මාර්ග පරික්ෂාවකදි සැකකරුවන් 05ක් අත්අඩංගුවට

හම්බන්තොට පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකකයේ නිළධාරීන් විසින් හම්බන්තොට සාමොදාගමදී හා මෛත්‍රිගමදී බිමත් හෙරොයින් ,ගංජා හා බිමත් රියදුරන් 05 දෙනෙකු අද (06) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකකයේ නිළධාරීන් විසින් අදඅළුයම් කාලයේ හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා සිදු කල රථ වාහන පරීක්ෂාවකදී පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා වයස අවයුරුදු 22 හා 24 වයස් වල පසුවන්නන් වේ.සැකකරුවන් දෙදෙනා සතුව තබී හෙරොයින් මිලි ග්‍රෑම් 210 ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ ඔවුන් අධික ලෙස හෙරොයින් සදහා ඇබ්බැහිවි ඇති බවයි.අළුයම් කාලයේ හම්බන්තොට මෛත්‍රිගම ප්‍රදේශයේද මාර්ග බාධක යොදා සිදු කල රථ වාහන පරීක්ෂාවකදී ගංජා මිලි ග්‍රෑම් 210ක් සමග එක් පුද්ගලයෙකු හා බීමත්ව රියපැදවු රුයදුරන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් 05 දෙනා වැඩිදුර විමර්ෂණ සදහා හම්බන්තොට පොලීසියට බාර දී ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නුවන් ජයසේකර – මීගහජදුර