Uncategorized

සෙලින්කෝ ලයිෆ් 2020 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් ලයිස්තුවෙහි එකම රක්ෂණ සමාගම බවට පත්වෙයි

සෙලින්කෝ ලයිෆ් සමාගමට තවත් ගෞරවයක් පුදකරමින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2019-20 තුළ ‘ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදී ඇත.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා මෙම ගෞරවණීය ලයිස්තුවට එක්වූ දෙවන අවස්ථාව මෙය වේ. එසේම, මෙම ලයිස්තුවේ පළමු සමාගම් 10 සහ ඊට අමතරව නම් වූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම වන්නේද සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

මෙම සමාගම් අතර ලයිස්තුගත සහ ලයිස්තුගත නොවූ සමාගම් ඇතුළත්වී තිබේ. මේ සඳහා තෝරා ගැනීමේදී මූල්‍ය කාර්ය සාධනයට අමතරව කොටස්කරුවන්ට, පාරිභෝගිකයන්ට, සේවකයන්ට සහ පුළුල් වශයෙන් සමාජයට සිදුකළ අගය එකතු කිරීම සැලකිල්ලට ගෙන තිබේ. මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබෙන්නේ මෙම සමාගම්වල තිබෙන ස්ථාවරත්වය, ශක්තිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයයි.