Uncategorized

සෙලින්කෝ ලයිෆ් කොවිඩ්-19 වෙනුවෙන් රුපියල් මිලියනයක් දක්වා අමතර ජීවිතාවරණයක් පිරිනමයි

නිසි කලට රක්ෂණ වාරික මුදල් ගෙවන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කොවිඩ්-19 හේතුවෙන් මරණයට පත්වුවහොත් රුපියල් මිලියන 01 ක් දක්වා අමතර රක්ෂණ හිමිකම් ගෙවීමට සමාගම තීරණය කර තිබේ.

මෙම අමතර ආවරණය 2020 සැප්තැම්බර් මාසය අවසානය දක්වා වලංගු වන බවත් ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකරන බවත් සමාගම සඳහන් කරයි. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විසින් නිවේදනය කර තිබෙන අමතර රක්ෂණාවරණය මගින් මූලික වශයෙන් ගෙවීමට සහතික කර තිබෙන මුදල රුපියල් මිලියන 01 ක උපරිමයක් දක්වා වන බවත් සමාගම පවසයි.

සමාගම සඳහන් කරන්නේ නිසි වේලාවට රක්ෂණ වාරික මුදල් ගෙවන දැනට සිටින රක්ෂණ ඔප්පුහිමියන්ට ලබාදෙන ප්‍රතිලාභයක් ලෙස මෙම අමතර රක්ෂණාවරණය සමාගම විසින් ලබාදෙන බවයි.

‘සෙලින්කෝ ලයිෆ් විසින් නිකුත් කර තිබෙන සියලුම ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයන් තුළින් කොවිඩ්-19 හිමිකම ආවරණය කර තිබෙනවා. මේ නිසා රක්ෂණ ඔප්පු සක්‍රීය ලෙස පවත්වා ගැනීම වැදගත් වනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘මෙම අසීරු අවස්ථාවේ තම රක්ෂණ ඔප්පුව සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා රක්ෂණ ඔප්පුහිමියන්ට සහයෝගය ලබාදීම සඳහා අපි ක්‍රියා මාර්ග කිහිපයක්ම අරගෙන තිබෙනවා. කොවිඩ්-19 සඳහා ලබාදී තිබෙන මෙම අමතර ජීවිත රක්ෂණාවරණයත් ඔවුන් සඳහා ලබාදුන් අමතර දිරිමත් කිරීමක් ලෙසින් සඳහන් කළ හැකියි.’