brand logo
logo

සෙලාන් බැංකුව සිය ප්‍රථම විද්‍යුත් මාර්ගයෙන් පරිපූර්ණ වූ මහසභා රැස්වීම පවත්වයි

27 July 2020

සෙලාන් බැංකුවේ 33 වන මහසභා රැස්වීම පසුගියදා විද්‍යුත් මාර්ගයෙන් පරිපූර්ණ වූ මහ සභා රැස්වීමක් ලෙස සාර්ථකව පැවැත්විණි. මින් පෙර එම මහසභා රැස්වීම 2020 මාර්තු මස 30 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් රටේ පැවති වාතාවරණය මත එය කල් දැමීමට සිදු විය. COVID-19 වසංගතයට එරෙහිව බලධාරීන් විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුකූල වෙමින් සියලු ම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහසභා රැස්වීම ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට තීරණය කෙරිණි. සෙලාන් බැංකුව අනාගතයට ඔබින පරිදි සිය මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ පුරෝගාමී බැංකුවකි. වීඩියෝ සන්නිවේදන යෙදවුමක් හරහා කිසිදු බාධාවකින් තොරව සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ සිට සජීවීව කොටස්හිමියන් වෙත මහසභා රැස්වීම විකාශය කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මහසභා රැස්වීමට සහභාගී වූවන් සමග පහසුවෙන් සන්නිවේදනය කිරීමටත්, යෝජනා සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබා දීමටත් කොටස්හිමියන් හට මෙහිදී හැකි විය. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, සිය වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබා දීමේ දැක්මෙන් යුතුව කටයුතු කරන අතර නව තාක්ෂණය, නවෝත්පාදන සේවා සමගින් මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ මිනුම් ලකුණක් සනිටුහන් කිරීමට සමත්ව සිටී.
 

More News..