අතන මෙතන

සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක්

තලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය ඊයේ(28) රාත්‍රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

රක්ෂිතය තුල හටගත් ගිනි ගැනීමෙන් එහි අක්කර 30 කට අධික කොටසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවට සැක කරන බව තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය.

තලවකැලේ පොලීසිය, තලවකැලේ යුධහමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එකතුව රක්ෂිතයේ හටගෙන තිබු ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගන්නා ලදි.

රක්ෂිතයේ හටගත් ගින්න මධ්‍යම කඳුකර ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඉතාමත් කෙටි කලක් තුල විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට මායිම්ව පිහිටි මෙම රක්ෂිතයට කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් මෙසේ ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

චන්දන ජයවීර – හැටන්