අතන මෙතන

සූරියවැව වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

සූරියවැව බද්දෙවැව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලීසිය පැවසුවේ අද උදෑසන 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදුනු පුද්ගලයා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මුදල් ආරවුලක් මත මරණකරුගේ සහෝදරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 27ක් වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.