brand logo
logo

සුෂාන්ත්ගේ මරණෙට දීපිකාත් පැටලෙයි

25 September 2020

දීපිකා පදුකෝන්, ශාරදා කපූර්, සාරා අලි ඛාන්, රාකුල් ප්‍රීත් සිං යන බොලිවුඩ් තරුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය (NCB) කටයුතු කරමින් සිටී. ඒ, පසුගියදා සිදුවූ ජනප්‍රිය නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සමග ඈඳී ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධතා පිළිබඳව කරන පරීක්ෂණවලදී හෙළිවන කරුණු අනුවය. මීට අමතරව මෝස්තර නිර්මාණ ශිල්පිනී සිමොනේ කම්භට්ට හා සුෂාන්ත් සිංගේ කළමනාකාරිනී ශ්‍රැති මෝදිගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය. ‘‘මෝදි, කම්බට්ට හා සිංගෙන් ඊයේ ප්‍රශ්න කළා. අද (25 වැනිදා) දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. කපූර් හා ඛාන් දෙදෙනා හෙට (26 වැනිදා) ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමට නියමිතයි’’ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.එස්. මල්හෝත්‍රා ප්‍රකාශ කළේය. මේ අතර දීපිකා හා ඇගේ කළමනාකරු සමග ක්වැන් ටැලන්ට් කළමනාකරණ ආයතනයේ සේවිකාවක වන කරිෂ්මා ප්‍රකාශ සිදුකළ වට්ස්ඇප් සංවාදයක් ප්‍රසිද්ධ වී තිබේ. කාර්යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ප්‍රකාශ් හා ඇගේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ධෘව් චිත්ගොපිකර්ගෙන්ද ප්‍රශ්න කිරීමට අදහස් කරන බවය. පසුගිය 21 වැනිදා චිත්‍රපට නිළි රියා චක්‍රබෝර්තිගේ කළමනාකාරිණිය වන ජයා සහා ප්‍රශ්න කිරීම්වලට ලක්වූවාය. ඇය ක්වෑන් ආයතනයේ සේවිකාවකද වේ. ‘‘මියගිය සුෂාන්ත් ඔහුගේ ​ලෙනාව්ලා ෆාම් නිවසේ සාදයක් පැවැත්වූවා. ඊට චක්‍රබෝර්ති, ඛාන් සහ අනෙකුත් අය සහභාගි වුණා. මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍යවලින් එහි අඩුවක් තිබුණේ නැහැ’’ ජගධීෂ් දාස් නම් බෝට්ටුකරුවෙක් පවසා තිබිණි. සුෂාන්ත් සිංගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 16කි. වසන්ත විජේරත්න
 

More News..