සුවිශේෂී අපරාධකරුවන් 14ක් ඊයේ බූස්සට
16 June 2020
සුවිශේෂී අපරාධකරුවන් 14ක් ඊයේ බූස්සට
16 June 2020
දරුණු ගණයේ සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බූස්සේ අධි ආරක්ෂිත බන්ධනාගාරයට යැවීමේ වැඩසටහන අමතමින් සුවිශේෂී අපරාධකරුවන් දාහතරදෙනකු දැඩි ආරක්ෂාව මැද්දේ ඊයේ (15 වැනිදා) රැගෙන ගොස් තිබේ.
බූස්ස බන්ධනාගාරය තුළ සිට පිටතට කිසිදු දුරකථන ඇමතුමක් ගත නොහැකි අයුරින් දුරකථන ඇමතුම්වලට බාධා පමුණුවන ජෑමර් යන්ත්‍ර පෙරේදා (14 වැනිදා) වන විට බූස්ස බන්ධනාගාරයේ සවිකර සම්පූර්ණයෙන්ම බන්ධනාගාරය ආවරණය කර තිබිණි.
මේ සමග කළුතර, වැලිකඩ, අඟුණකොළපැලැස්ස ඇතුළු රටපුරා බන්ධනාගාරවල සිටින දරුණු අපරාධකරුවන් බූස්සේ විශේෂ සිරමැදිරිවල රැඳවීමට ඊයේ (15 වැනිදා) සිට ආරම්භ විය.
මේ අනුව අලුතින් නවීකරණය කරන ලද විශේෂ සිරමැදිරි දාහතරක රැඳවීමට බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි, ඉන්දික සම්පත් (කැවුමා), ගොත අසංක, කුඩු රොෂාන්, මර්වින් ජානා, පරෙයි සුදා, උරුජුවා, පොඩි ලැසි ඇතුළු දරුණු ගණයේ ලැයිස්තුවට ඇතුළත් කළ පිරිස එසේ ගෙනවිත් ඇත.
මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ එකසිය හතළිස් ගණනක් රැඳවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා බුද්ධි සේවාවන් ඒකාබද්ධව ලැයිස්තුවක් සකස් කර තිබිණි.
මේ අනුව ඉදිරියේදී සෙසු කණ්ඩායම්ද රැඳවීමට නියමිතව ඇත. වෙලේ සුදා, කණ්ජිපානි ඉම්රාන්, පොට්ට නවුෆර් ඇතුළු දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් මූලික අදියරේදීම බූස්ස බන්ධනාගාරයේ රැඳවීය.
මෙම ක්‍රියාවලිය මගින් බන්ධනාගාර කේන්ද්‍ර කරගෙන සිදුකරන අපරාධ සියයට අනූවක්ම අඩු වී යා හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවැසීය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා