අතන මෙතන

සුබ්‍රමනියම් සාමි මළ ගෙදර ඇවිත් මහින්දට කියූ රහස

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අද උදෑසනම මැද මුලනට ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දක්වන්නටය.

සුබ්‍රමනියම් මහත්තය ලංකාවට ඇවිත් තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නව දිල්ලියේ පැවැත්වෙන් සම්මන්ත්‍රණයක විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගී කරව ගන්න ආරාධනාවකුත් අරගෙන. එත් එතුමා ලංකාවට ආවම තමයි දැනගෙන තියෙන්නේ මහින්ද මහත්තයාගේ බාල සහෝදරයාගේ වියෝව. මේ වෙලාවේ මිත්‍රයා මුණ ගැහිලා ශෝකය බෙදා ගන්න උවමනාවත් සුබ්‍රමනියම් මහත්තයට ඇතිවුණා.

මේ වෙලාවේ ඇමතුමක් දෙන එක කරදරයක් වෙන්න පුළුවන් වුනත් විසඳුම මිතුරාට කතා කරන එක නිසා කෙලින්ම සුබ්‍රමනියම් මහතා දුරකථන ඇමතුමක් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයට. මහින්ද මහත්තයට සුබ්‍රමනියම් මහතා තත්වය පැහැදිලි කරා තමන් විජේරාම නිල නිවසට පැමිණ ආරාධනාවක් කරන්න සිටි බවත් පසුව අවමංගල්‍ය ගැන දැනගන්න ලැබුන බවත් කිව්වා. කොයි තරම් බරපතල අවස්ථාවක උනත් තම මිත්‍රයා මග හරින්න අකමැති මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේම කිව්වා පුලුවන්නම් මැද මුලනට එන්න සුබ්‍රමනියම් කියලා.

ඒ ආරාධනාව සතුටු සිතින් පිළිගත් සුබමනියම් සාමි ගුවනින් මැද මුලනට යන්න පිටත් වුනා. ඉතින් මළගෙදරට ගොඩ වුනු සුබ්‍රමනියම් සාමිව කුළුපඟව පිළිගතේ මහින්ද සහ චමල් සොහොයුරු දේපළ එක්ව . චන්ද්‍රා රාජපක්ෂ මහත්මයාගේ දේහයට ගෞරව දක්වලා මහ ගෙදර වෙනම අමුත්තන් සඳහා වූ කාමරයක සුබ්‍රමනියම් සාමි සමග මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ මහතා සුහද කතාවකට එකතු වුනා.

ඒ අවස්ථාවේ තමන්ගේ සුහද ආරාධනය ඉදිරිපත් කළ සුබ්‍රමනියම් සාමිට මහින්ද මහතා කිව්වේ…ලබන මාසේ 11 වෙනිදා මේ සම්මන්ත්‍රණය තියෙන නිසා තමන්ට එනවාමයි කියල පොරොන්දු වෙන්න බැරි උනත් තියෙන වැඩ කටයුතු කළමනාකරණය කරගෙන ඇවිත් යන්න එන්නම් කියලා. ඉදිරි දින සති කිහිපය දේශපාලනයේ බැරෑරුම් කාලයක් බවත් මහින්ද මහත්තය පැහැදිලි කළා..

කොහොම වුනත් තමන්ගේ මිතුරාගේ ශෝකී අවස්ථාවකට සහභාගී වී දුක බෙදා හදා ගන්නට ලැබීම පිළිබඳව ප්‍රසාදයක් ඇතිවූ බව නොසඟවා පැවසු සුබ්‍රමනියම් සාමි මහතා ඉන්දියාවේ ජනතාව ලංකාවේ අයගෙන් හඳුනන්නේ යුද්ධය නිමාවට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජසසුරියත් බව ද කිව්වා. මොහොතක් කතා බහේ යෙදී සුබ්‍රමනියම් සාමි මහතා මැද මුලනින් පිටත් වුයේ තවත් වැඩ කටයුතු කිහිපයක් ඉටු කර ගැනීමට කොළඹට ඉක්මනින් යායුතු නිසා.