News

සීගිරිය දින තුනක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සහ කෞතුකාගාරය ලබන 18 වැනි දා සිට 20 වැනි දා දක්වා දේශීය සංචාරකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලබාදී ඇත.

වෙසක් උත්සවය නිමිත්තෙන් එම අවස්ථාව ලබාදෙන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කළ අතර සීගිරියේ කැණීම්වලදී හමු වූ පුරාවස්තු සහ අධ්‍යාපන ප්‍රදර්ශනයක් ද ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව ඇත.