News

සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීදි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ සිව්වන රන්දෝලි පෙරහැර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

අද රාත්‍රී 7.38 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරෙන පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ,හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ ඉන් රජ වීදියට හැරී ඉහළට පැමිණ ගෙවැදීමෙන් අවසන් කිරීමට නියමිතයි.

පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සදහන් කළේය.

4th Randoli Perahera Routs | සිව්වන රන්දෝලි පෙරහර ගමන් මඟ.

4th Randoli Perahera Routs | සිව්වන රන්දෝලි පෙරහර ගමන් මඟ.#kandyesalaperahera2019 #4thrandoli

Posted by Sri Dalada Maligawa on Monday, August 12, 2019